Clean Sri Lanka වැඩසටහන යටතේ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එකතුවෙන් ක්රියාත්මක කරනු ලබන "දැය නංවන සපිරි ගමක්" ආදර්ශ ගම්මාන වැඩසටහනට අදාලව හම්බන්තොට දිස්ත්රික්කයේ, කටුවන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ගම්මුල්ල ග්රාම නීලධාරී වසමේ පිටකන්ද ගම්මානය කේන්ද්ර කර ගනිමින් 2026.03.16 වන දින ගම් එළිදැක්වීමේ සමාරම්භක උළෙල පවත්වන ලදි.
මෙම අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් තුමිය, කටුවන ප්රාදේශීයසභාවේ සභාපති තුමා, කොට්ඨාස භාර ප්රාදේශීය සභා මන්ත්රී තුමා, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්යක්ෂ තුමිය, කොට්ඨාසයේ රාජ්ය ආයතන රැසක නිලධාරීන් ක්ලීන් ශ්රී ලංකා ප්රාදේශීය නියෝඡිත ඇතුළු වසම් භාර ග්රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී ප්රජා සවිබල ගැන්වීමේ නිලධාරින්, ඇතුළු රාජ්ය නිලධාරින්ගේ සහ ග්රාමීය කමිටු සාමාජිකයන්, ගම්මානයේ කලාකරුවන් ඇතුළු ප්රජාවගේ සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.
















